Tuesday, September 10, 2013

UNP ADVISES PUBLIC TO USE VOTES AGAINST ‘CORRUPT’ GOVERNMENT

Government sector workers have been the most burdened and misled group in Sri Lanka especially during the elections as they are the worst affected by the rise of cost of living with no increases in their salaries, UNP General Secretary MP Tissa Attanayake stated.


Attanayake believes that government servants will not be fooled by the promises made by the government and will use their postal votes independently.

He accused the government of using state property for election work as well as setting up various Dansal in the election areas. The MP said that he had learnt that some candidates had set up ethanol Dansal.

He requested the people to use their votes against the government during this time in order to make a statement against corruption.

The UNP MP also charged that the government was preparing to privatize the People’s Bank of Sri Lanka while claiming that the President’s comments on not selling state property were completely false according to recent cabinet decisions and Media Minister Keheliya Rambukwella’s statements to media regarding the sale of a 49% stake of the People’s Bank on the Stock Market.

‘දේශපේ‍්‍රමී චයිනාකරණය’ යටතේ කොළඹ වරාය චීනුන්ට: ලංකාව කියන චීන කොළනියේ චව් චව් කකා ඉන්න වේවි -තිස්ස 
මැදමූලන රාජපක්ෂ හොරුන් ගේ ‘දේශපේ‍්‍රමී චයිනාකරණය’ යටතේ කොළඹ වරාය දැනටමත් චීන කොම්පැනියකට විකුණීමට ඞීල් දමා හමාර බවත් වසර 5 කින් වියදම් කළ මුදල ලබා ගැනීමෙන් පසුවත් තවත් වසර 30 ක් දක්වා වරාය චීනුන්ට නිකම්ම ලියා දී අහවර බවත් තිස්ස අත්තනායක මහතා සාක්කි සහිතවද අද ප‍්‍රකාශ කෙළේය. තව ටික දවසකින් ලංකාව නම් ‘චයිනා කොළනියට’ වෙලා ‘චව් චව්’ කකා ඉන්න පුළුවන් යැයි ඔහු කෝපය මුසු වේදනාවකින් කියා සිටියේ ය. අද පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී මේ බව හෙළි කළ එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් මෙසේ පැවසී්‍ය.



‘‘මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ ඔලූවිල් කතාවේදීම කියා තිබුනා බැංකු විකුණන කතාව විපක්ෂ ගෙතූ බොරුවක්ය, දැන් ඇතිවී තිබෙන්නේ විකුණූ රාජ්‍ය දෙපලත් ආපසු ගන්න යුගයකය කියලා. මම කියනවා මේ කතාව අමු කෙප්පයක්. අද ආණ්ඩුව මේ රටේ ජාතික දේපල සහ ඉඩම් චීනයට කෑල්ල කෑල්ල විකුණනවා. මේක පුද්ගලීකරණයක් නෙමෙයි නම් ‘දේශපේ‍්‍රමී චයිනාකරණයක්ද?’ කියා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මම අහන්න කැමතියි. අද මේ ආණ්ඩුව මේ රටම ‘දේශපේ‍්‍රමී චයිනාකරණයකට’ ලක් කර අවසානයි. තව ටික දවසකින් හැමෝටම ලංකාව කියන චයිනා කොළනියට වෙලා ‘චව් චව්’ කකා ඉන්න පුළුවන්.

tissa-nw.jpgදැන් බලන්න කොළඹ වරායට කර තිබෙන අපරාධය. අද කොළඹ වරාය පුද්ගලිකකරණය හෙවත් ‘දේශපේ‍්‍රමී චයිනාකරණයට’ ලක් කිරීමේ ආරම්භක පියවරක් හැටියට අලූතෙන් ඉදිකළ දකුණු පර්යන්තය චීන සමාගමක් වන චයිනා මර්චන්ට්ස් හෝල්ඩින්ග්ස් ජාත්‍යන්තර සමාගමට (සී.එම්.එච්.අයි* විකුණලා ඉවරයි. ඇත්තටම මේ පර්යන්තය සඳහා වූ ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 500 යි. මේ මුදල අවුරුදු 5 කින් සම්පූර්ණයෙන්ම උපයා ගත හැකි බව චයිනා මර්චන්ට්ස් හෝල්ඩින්ග්ස් ජාත්‍යන්තර සමාගමේ ප‍්‍රකාශන වල දැක්වෙනවා. ඒ අනුව මෙම පර්යන්තයේ වසරක ආදායම ඇස්තමේන්තු වලට අනුව ඩොලර් මිලියන 100 යි. අවුරුදු 5 කින් මුළු ආයෝජනයම සාක්කුවේ. ඉන් පසු කෙලින්ම ලාභ. ආණ්ඩුව මේ පර්යන්තය අවුරුදු 35 කට චයිනා මර්චන්ට්ස් හෝල්ඩින්ග්ස් ජාත්‍යන්තර සමාගමට (සී.එම්.එච්.අයි* පවරලා. ඒ අනුව අවුරුදු 30 ක් තිස්සේ මේ රටේ වරාය කම්කරුවන්ගේ දාඩිය මහන්සියෙන් ගොඩ නගපු වරායේ රීරි මාංශය චයිනා කොම්පැනිවලට උරා බොන්න මේ ආණ්ඩුව ඉඩ දීලා. ඇයි මේ? ‘දේශපේ‍්‍රමී චයිනාකරණය’ හරහා රට උගසට තබා කොමිස් කුට්ටි සාකුවේ දමා ගැනීම. මේක ජාතික අපරාධයක්. දේශද්‍රෝහී ක‍්‍රියාවක්.

ඇත්තටම මේ කොළඹ වරායේ පර්යන්තය හදන්න ආණ්ඩුවට සල්ලි දාන්න තිබ්බ. ඕන වුනේ ඩොලර් මිලියන 500 යි. ඇත්තටම ඉකුත් දා විගණකාධිපති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ‘මිහින් එයාර්’ විගණක වාර්තාවට අනුව පසුගිය වසර 3 තුළ පමණක් මිහින් එයාර් පාඩුව රුපියල් මිලියන 1300 ක්. ඒ වගේ නාස්තිකාර ව්‍යාපෘති වලට දාපු සල්ලි කොළඹ වරායේ පර්යන්ත හදන්න දැම්මා නම් අවුරුදු 5 කට පසු ලාභය මේ රටේ මිනිස්සුන්ට මිස අපේ ඊරි මාන්ශේ උරා බොන චයිනා කොම්පැනි වලට නෙමේ.

මේ වරාය ගත්තු චයිනා මර්චන්ට්ස් හෝල්ඩින්ග්ස් ජාත්‍යන්තර සමාගම (සී.එම්.එච්.අයි* වෙන කවුරුවත් නෙමෙයි. රාජපක්ෂ රෙජීමයේ චයිනා සුරතලා වන ‘චයිනා හාබර් සමාගමේ’ අනුබද්ධිත සමාගමක්.

මොකක්ද චයිනා හාබර් සමාගම කියලා කියන්නේ? හම්බන්තොට නැව් නොඑන වරාය හදද්දී ‘ගල වහලා’ ශක්‍යතා වාර්තා හදලා අන්තිමේ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සාක්කුවෙන් ඒ ගල කඩවන්න මිලියන ගානක් වියදම් කරවපු කොම්පැනිය. අද මේ කොම්පැනිය එක එක නම් වලින් මේ රටේ දේපල කොල්ලා කනවා. හම්බන්තොට වරාය දුන්නෙත් මේ කොම්පැනියට. මත්තල ගුවන් තොටුපොල දුන්නෙත් චයිනා හාබර් ට. ඊට අමතරව රුපියල් බිලියන ගණනක් වටිනා මහා මාර්ග 7 ක් පමණ ප‍්‍රමාණයක් ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තු දීලා තියෙන්නෙත් චයිනා හාබර්ට. එහෙම නම් පේනවා මේ වෙලාවේ කොළඹ වරායත් මේ අයට අනුබද්ධ අයටම දුන්නේ මොකද කියලා. අනේ කොළඹ මේ තරම් කොමිස් කාක්කෝ හිටපු යුගයක් ඉතිහාසේ කවදාවත් ඉඳල නැතුව ඇති.

මම කියනවා මේ විකිණීම දකුණු පර්යන්තයෙන් නවතින්නේ නැහැ. නැගෙනහිර සහ බටහිර පර්යන්ත දෙකත් මේ වගේම පුද්ගලික අංශයට දෙනවා ඒකාන්තයි.

ඔක්කොම චයිනාකරණය කරන ගමන් ආණ්ඩුවේ මහ උදවිය කියන්නේ පුද්ගලීකරණය විපක්ෂයේ බොරු කතා කියලයි. මම කියනවා රාජපක්ෂ රෙජීමය මේ රටේ කුඩා දරුවා පවා චීනෙට විකුණන දිනය වැඩි ඈතක නෙමෙයි කියලා. එතකම් විපක්ෂය බලා නොසිටින බව මම ආණ්ඩුවට මතක් කරන්න කැමතියි.’’


No comments:

Post a Comment